පොලිසියයි හමුදාවයි ලක්ෂ 25ක් බේරා දෙයි


හෝමාගම ගලවිලවත්තේ ඉන්ධන පිරවුම්හල් කරුවකු බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් බැංකුව ඉදිරිපිටදී පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනා දුවද්දී ඔහු පසුපස දිවූ හමුදා කපිතාන්වරයකු ඔවුන් මෙල්ල කර සල්ලි ද මුදල් ද සමග ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇතැයි කියති.

මේ අතර බැංකුව ඉදිරිපිට රථවාහන හසුරුවමින් සිටි පොලිස් සැරයන් බණ්ඩාර නමැත්තා මුලින්ම  මෙම කලබලය දැක අවිගත් කොල්ලකරුවන් පසුපස හඹාගොස් ඇතැයි ද හමුදාවේ පිරිසක් ද ඊට එක්වී ඇතැයි ද කියති.

පිහියක් රැගත් කොල්ලකරුවකු සමග සටන් කර සල්ලි මල්ල ආපසු ලබාගැනීමට ඔහු සමත්වී ඇතැයි ද කියති.

අද උදේ 9ට පමණ මීගොඩ දී කාන්තා ණය දෙන සමිතියකට පැන රුපියල් 60,000ක් පමණ පැහැර ගන්නට ඇත්තේ මෙම කොල්ලකරුවන් විය හැකි යැයි පොලිසිය සැක කරයි.