මොරටුව මහේස්ත්‍රාත් උසාවි භූමියේ වැලි ගොඩක බෝම්බයක් ඇතැයි පොලිසියට ලැබුණු පණිවුඩයක් අනුව ඇරැඹූ සෝදිසයට පොලිස් විශේෂ කාර්ය බලකාය හා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය ද එක්වී සිටී.
එහෙත් අධිකරණයට ඇතුළු වීම සීමා කර ඇත. පොලිස් සුනඛයකුගේ ද සහාය ලබා ගන්නා බව පොලිසිය කියයි.
අධිකරණ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු වෙයි.