උද්ඝෝෂණයේ නිරතවූ සබරගමු විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීමට යෑමේදී පොලීසිය හා සිසුන් අතර ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලැබූ බවත්, ඉන් 10 දෙනකු බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
සිද්ධියෙන් තමාට සහ සහකාර පොලිස් අධිකාරීවරයකුට ද තුවාල සිදුවූ බව හෙතෙම සඳහන් කරයි.
ගැටුමෙන් තුවාල ලැබූ සිසුහු පිරිසක් ද බලංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.