බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අත්අඩංගුවට ගැනීමට ගිය අහුංගල්ල වැලිකන්ද මාර්ගයේ සංචාරය කරමින් සිටි නිලධාරීන් දෙදෙනකුට ලොරියේ සිටි අය පරුෂ වචනයෙන් බැන වදින ආකාරය එහි සිටි අයකු එය තම ජංගම දුරකතන මගින් වීඩියෝ ගතකර ඇත.
පොලිස් නිලධාරීන්ට බැන වැදුණු වැලි ජාවාරම්කරු ඉහළ මැදිහත්වීමකින් අත්අඩංගුවටගත් බලපත්‍රයක් නොමැති වැලි ලොරිය නිදහස් කරගෙන ගිය බව එම නිලධාරීන් විසින් පොලිස් පොතෙහි සටහනක් යොදා ඇත.
මෙම පොලිස් නිලධාරීන් හට අදාල වැලි ජාවාරමකරු බැන වදින අයුරු දැක්වෙන වීඩියෝව පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග වහාම ක්‍රියාත්මක වූ
පොලීසිය ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් ආරම්භ කළේය.
වැලි ජාවාරම්කරු අද (8) අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කැරිණි.
රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාදා එල්ල කිරීම,අත්අඩංගුවට ගත් දෙයක් නිදහස් කරගෙන යාම යන චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරා ඇත.
මීට මාස දෙකකට පමන ඉහත්දී ද කොස්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම වැලි ජාවාරම්කරුට අයත් බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින්සිටි වැලි ලොරියක් අත්අඩංගුවට ගෙනඇති අතර එම අවස්ථාවේදීද මොහු තම බලයයොදා වැලි ලොරිය නිදහස්කරගෙන ගොස් ඇතැයි කියති.

