මීගොඩ දෙණියේ අපරාධයක් සම්බන්ධ සැකකරුවකු මාංචු පිටින් රැගෙන එද්දී පිරිසක් පොලිසියට පහරදී ඔහු රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
වාහනයක් කොල්ලකෑවයි හිරිපිටිය මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිසියට පහරදී සැකකරු මාංචු පිටින්ම රැගෙන පැන ගොස් ඇතැයිද ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයිද පවසයි.

