පොලිසියට ඇසිඩ් ගසයි


අපරාධ රැසකට සම්බන්ධ බව කියන තුංතොට ඉහළ ලෙනගල ප්‍රදේශයේ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී පොලිසියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දැඩිගම පොලිසිය කියයි. ඇසිඩ් ප්‍රහාරයෙන් කොස්තාපල් දෙදෙනකු තැවාල ලබා ඇති අතර ඔවුන් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු හා ඔහුගේ බිරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ බිරිය ඇසිඩි ගැසූ බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි සොයන බව පොලිසිය පවසයි.