පොලිසියට ඇඟිලි ගසන්න එපා


ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ පරීක්ෂණවලට දේශපාලනාඥයන් ඇඟිලි නොගසා පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලස්සන්නැයි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවැසූහ. කෝට්ටේ රාජමහා විහාරයේ දී කුරිරු ලෙස ඝාතනය කැරුණු පිටිගල ජනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරතන හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවයේදී ඒ හිමියෝ එසේ කීහ.අරන්තලාවේ දි කොටි සංවිධාන භික්ෂු ඝාතනය කිරීමෙන් පසුව වාර්තාවූ දරුණුම භික්ෂු ඝාතනය මෙය බව ඒ හිමියෝ කීහ.