මාස දෙකක වැටුප් නොගෙවීයැයි කියන සිද්ධියක් මුල්කරගෙන නවගමුවේ ඇඟලුම් කම්හලක ගැටුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.
රාත්‍රී අට පමණ වන තුරු කම්හල තුළට වී සිටීමට කම්හලේ ප්‍රධානීන්ට සිදුවූ බව පොලිසිය කියයි.
පොලිසිය පැමිණ දෙපාර්ශ්වය සමග සාකච්ඡා කළ බවත්, අද (18) රුපියල් 5000ක් ලබා දීමට හා ඉතිරි හිඟ වැටුප මාස දෙකක් ඇතුළත ගෙවීමට කම්හලේ පාලනාධිකාරිය එකඟ වූ බවත් නවගමුව පොලිසිය පවසයි.




