ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ගැටුමෙන් පසු තරුණයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ට ලිඛිතව දන්වා යවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයේ දී මේ වන විට ප්‍රදේශවාසීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, විමර්ශන කටයුතු සඳහා අද (18) ද විමර්ශන කණ්ඩායමක් ඇඹිලිපිටියට ගිය බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගත් පසු මානව හිමිකම් කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

