විවාහක දෙදරු මවකට කලකට පෙර කළ අයුතු යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය දරුවන් දෙදෙනා දහම් පාසල් ගෙන යද්දී පොල්ලකින් ගසා ඝාතනය කර ඇතැයි වැලිගම පොලිසිය කියයි.
එම තර්ජනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ ද සිටි සැකකරු (39) ඇප ලබා පැමිණ මින් සතියකට පෙර ඇය මරා දමන බවට කළ තර්ජනය ගැන පොලිසිය කිසිත් කර නැතැයි ඇගේ සැමියා කියයි.
සැකකරුගේ සිරුර ද එල්ලෙමින් තිබිණි. ඔහු සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මොහු හිටපු හමුදා සෙබළෙකි. කන් නොඇසීම නිසා ආබාධිත වී ඇත.

