පොලිසිය පෝදා ලොකු පින්කමක් කරයි


වත්තල ඇලකන්ද තාපවිදුලි බලාගාරය පිටුපස අධිආරක්ෂක කලාපය ආසන්නයේ පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා විශාල ප්‍රමාණයේ ගොඩා බැරල් 66 අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. වලාන දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත සති ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැඟවී සිට සිදු කළ මෙහෙයුමකින් පසු අද සවස එක් සැකකරුවකු ද සමග මෙම ගෝඩා තොගය සොයාගත් එම ඒකකය කියයි.