පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන්නැයි ඉල්ලමින් එම පක්ෂය අද (19) කොළඹ කොටුවේ පැවැත්වූ උද්ඝෝෂණය විසිරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.
කොළඹ ටෙක්නිකල් හන්දියේ සිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගිය විරෝධතාකරුවන්ට ලෝටස් හන්දියේදී මාර්ග බාධක යොදා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.
එහි නතරවූ විරෝධතාකරුවෝ රැස්වීමක් පවත්වා විසිර ගියහ.









