සබරගමු සරසවි සිසුන් පිරිසක් දින 46ක් පමණ පඹහින්නේ ඉදිකර තිබූ සත්‍යග්‍රහා අට්ටාලය පොලිසිය අද (18) ගලවා රැගෙන ගියේය.
නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම, ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් පිරිසකට යළි ඉගෙනීමේ අවස්ථාව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සිසුහු මෙම සත්‍යග්‍රහය කළහ.
සබරගමුසරසවි භූමියේ ඉදිකර ඇති සත්‍යග්‍රහ අට්ටාලය ඉවත් කරන්නැයි බළංගොඩ අධිකරණය ලබා දුන් නියෝගය අනුව පොලිසිය අද එම අට්ටාලය ගලවා ඉවත් කළේය.





