පොලිසිය නොමඟ යැවූ මිනිහා සොයයි


කඩුවෙල හිටපු වැඩබලන මහේස්ත්‍රාත් කදුරුවාන ඥානසිරි මහතා ස්වභාවික හේතු මත මිය ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී සමීර ඒ.ගුණවර්ධන මහතා කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කළේය.

ඔහුගේ මරණය සැක සහිත බවට පොලිසි හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මළගම නවත්වා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යැවීය.

පොලිසිය නොමග යැවූ එම පණිවිඩය දුන් තැනැත්තා සොයා ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකරන බව තලංගම පොලිසිය කියයි.