මිනුවන්ගොඩ තෙලග්ගල නිවසක කාන්තාවක් පිහියෙන් ඇන මැරීමට තැත් කළ පුද්ගලයකු ඉන් වැළැක්වීම සඳහා එම පුද්ගලයාට වෙඩි තැබීමට පොලීසියට සිදු විය.
ගැහැණියක මරන්නට යන බව හදිසි ඇමතුමට දැන්වූ විට පොලීසිය වහා එහි ගියේය.
සැකකරු ගෙදර දොර වසාගෙන ඇගේ බෙල්ලට පිහිය තබා සිටි අයුරු දුටු පොලීසිය එම අපරාධය නොකරන්නැයි ඔහුට කීවේය.
ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පොලීසිය ඔහුට ජනේලයකින් වෙඩි තැබීය.
ඒ අතර දොර කඩාගෙන එහි ඇතුළු වූ පොලීසියට ඔහු මන්නයකින් පහර දෙන්නට තැත් කළැයි ද, යළිත් ඔහුට වෙඩි තබා ඇතැයි ද පොලීසිය පවසයි.
දෙදෙනාම රෝහල් ගත කළ බවත් සැකකරු මිය ගිය බවත් පොලීසිය කියයි.