පොලිසිය ජපුර සිසුන් බේරා ගනී


ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන්  400ක් පමණ බලංගොඩ ඉහළගලගම නාගල කන්දේ විනෝද චාරිකාවකට ගොස් අතරමංව සිටියදී  බේරා ගැනීමට බලංගොඩ හා සමනළ වැව පොලීසි සෙනසුරාදා  මැදියම් රැය ආසන්නයේ මෙහෙයුමක් කළේය.

අධික සීතලත් මීදුමත්  ඇති  දැඩි බෑවුම් සහිත මෙම කන්දට ගම්වාසීන් පවා නොයතියි කියති.

බස් නවයකින් මොවුන් පැමිණ ඇති බවත්  දිය සෙවෙල හා  දිය පාරවල්ද  සර්පයන්ද බහුල මෙම කන්දෙන් සිසුන් රැගෙන ඒම බරපතල අභියෝගයක් වු බව පොලීසිය කියයි.

බලංගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසංග මහතා මෙම මෙහෙයුමට නායකත්වය දුන්නේය.