පොලිසිය කොළඹදී ගාගත් මඩ බණ්ඩාරවෙලදී සෝදාගනී


කොස්ලන්ද, මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූවන්ට නිවාස ලබාදෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (1) බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවයක නිරත වූහ.

උදෑසන ඇරඹුණු උද්ඝෝෂණය සවස 4 වනවිටත් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණයේ කැපී පෙනෙන දෙයක් වූයේ උද්ඝෝෂණය කළවුන්ට පොලිසිය හා මාධ්‍යවේදීන් ආහාර සැපයීමයි. 

කොළඹ වෝඩ් පෙදෙසේදී පසුගිය බ්‍රහස්පතින්දා එච්එන්ඩීඒ සිසුන්ගේ උද්ඝෝෂණයේදී ලේ හැලූ පොලිසිය බණ්ඩාරවෙලදී කෑමදීම පොලිස් ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියක් බව කියති.

Bandarawela_2015111P1390880 Bandarawela_2015111P1390882 Bandarawela_2015111P1390883 Bandarawela_2015111P1390884

Bandarawela_2015111P1390885 Bandarawela_2015111P1390886 Bandarawela_2015111P1390887

ඡායාරූප - ආර්.කෝගුලන්