පොලිසිය කොටි පළවා හරියි


 ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන මෙට යන යෝජනාවට විරෝධය පළ කරමින් පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සංවිධානය එරට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.

විරෝධතාකරුවෝ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයයට බාර දීම සඳහා පෙත්සමක් ද අත්සන් කළහ.

උද්ඝෝෂණය අවස්ථාවේ කොටි කොඩි රැගෙන පැමිණි දස දෙනකු පමණ ලංකාවට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතාවක් කරන්නට උත්සාහ කළ අතර පොලිසිය පැමිණ ඔවුන් ඉවත් කළේය.

ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමෙන් පසු ලාංකිකයෝ විසිර ගියහ.

මාර්තු 24 වැනි දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ද  විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.