පොලිසිය ඇමැති ලේකම් සොයයි


මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් තරඟ කරන චින්තන ඒකනායක අපේක්ෂකයාගේ රියදුරාට මාතලේ යටවත්ත වාලවෙලදී  පහර දුන්නැයි කියන ඇමැති සම්බන්ධීකරණ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.

ඔහු ඇමැති රෝහණ දිසානායකගේ සම්බන්ධීකරණ නිලධරයකු බවත්, දිසානායක මහතාගේ සොයුරු පරාක්‍රම දිසානායක පළාත් සභා අපේක්ෂකයාගේ ආධාරකරුවකු බවත් කියති.

චින්තන ඒතකාවත ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත්‍රයාය.