ඇඹිලිපිටියේ සාදයක සිටි පිරිසට පහර දීම හා ඉන් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑම සම්බන්ධයෙන් පොලිසිය වග කිව යුතු බවට ඇසින් දුටු සාක්කි ඉදිරිපත් වී ඇති නිසා සහකාර පොලිස් අධිකාරී ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට එන්තරවාසි යවා තබේ.
පැය 24ක් ඇතුළත පොලිසියේ සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ද එන්තරවාසියේ දැක්වේ.
මේ අතර පොලිසියේම පිරිසක් කියනුයේ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි ගැටළු සහගත බවයි.

