(රංජන් කස්තුරි)
කල්බදු සමාගම්වලට ගනු දෙනුකරුවන්ගේ වාහන බලහත්කාරයෙන් අත්පත්කර ගත නොහැකි බවට පොලිස්පතිවරයා නව නීතියක් පනවා තිබයදීත් සීසර්වරුන් නැවතත් පොලිසියේම සහයෙන් වාහන අත්පත්කර ගනිමින් සිටින බව ලීසිං හා ණය වාරික ගෙවන්ගේ සංගමය චෝදනා කරයි.
ඉතා මෑතකදි රටපුරා පොලිස් ස්ථාන 50කට අධික ප්‍රමාණයක් පොලිස්පතිවරයාගේ නව නීතිය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත උල්ලංඝනය කර වාහන පැහැර ගෙන ඇතැයි ද ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කීය.
පොලිස්පතිවරයා නව නීතිය පැනවූ පසුව මාස කීපයක් තුළ වාහන පැහැරගත් සීසර්වරුන් අත්අඩංගුවට ගත් නමුත් මෑතක සිට පොලිසිය සීසර්වරුන් අත්අඩංගුවට නොගෙන නඩු පැවරීමක් පමණක් කරන බව ද අසංක රුවන් පොතුපිටිය මහතා පැවැසීය.

