රත්නපුරයේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු දුරකථන ඇමතුමත් ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයත් මාධ්‍ය මගින් දුටු බවත් ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී දිගාමඩුල්ල මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විමසීමක් කළේය.
‘කවුද මේ නිලමේ ? දෙවිනුවර දේවාලයට සම්බන්ධවූ ගුණසේකර ගැනද? මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය කුමක්ද ? පොලිස්පතිතුමා කනේ වැලි ගෑවෙන්න නීතිය නමනවා.
ඊට පිළිතුරු දෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ‘මන්ත්‍රීතුමාගේ කථාව මමත් අහගෙන හිටියා. පොලිස්පතිගේ ක්‍රියාව වැරදියි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා‘ යනුවෙනි.
ඇමැති දයාසිරි ජයසේකර - ඔය නිලමේ අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ කවුද ? බලපෑම් කරන්නේ කවුදැයි අපි දන්නවා. නිලමේ උදව් කරන්නේ කාටද කියලා අපි දැනගන්න කැමතියි.