පොලිස්පති යාපනයේ


යාපනයේ අද පැවති කලබල සම්බන්ධයෙන් තොරතුරු විමසා පොලිසියට උපදෙස් දීම සඳහා පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා යාපනයට ගොස් සිටියි.

යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කර මරාදමන ලදැයි කියන සිද්ධියේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරද්දී ඇතිවූ විරෝධය හේතුවෙන් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී සිදුවූ ගැටුමින් පොලිසියේ පිරිසක් ද තුවාල ලදහ. උසාවිය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ද අලාභ හානි සිදුවූ අතර 127 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.