පොලිස්පති මෝසම විසිවේ සැරයන්වරු 634 ක් ඉහළට
පොලිස් සැරයන්වරු 634 දෙනකු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන්නැයි ඉකුත්දා ශ්‍රේ්ෂ්ඨාධිකරණය කල නියෝගය සංශෝධනය කරන ලෙසට මෝසමක් මගින් පොලිස්පති කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප‍්‍රතික්ෂේප කළේය.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප‍්‍රමුඛ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම මෝසම කැඳවූ අතර අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කි‍්‍රයාත්මක කිරීමේදී පරිපාලන ගැටලූ රැුසක් මතුවන බව එම මෝසම මගින් අධිකරණයට කරුණු දක්වා තිබණි.
ඊට දැඩි ලෙස විරෝධය පළ කළ පෙත්සම්කාර පොලිස් සැරයන්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සංශෝධනය කරන ලෙස මෝසමක් ඉදිරිපත් කිරීමට පොලිස්පතිට බලයක් නොමැති බවය.
ඉකුත් ජනවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදෙමින් කියා සිටියේ පෙබරවාරි 15 වැනි දිනට පෙර පොලිස් සැරයන්වරුන් 634 දෙනකු උප පොලිස් පරික්ෂක ධුරයට උසස් කරන ලෙසයි.

