පොලිස්පති භාවනා කරද්දී රටේ අපරාධ රැල්ලක් බිහිවෙලා - නීතිඥ දොළවත්ත


(හසිත රංග ගුණතිලක)

පොලිස්පතිවරයා භාවනා කරද්දී අපරාධ රැල්ලක් රටපුරා වර්ධනය වී ඇතැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා අද (03) පැවැසීය.

පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතු බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය මීට වසර තුනකට පෙර සිටම තම සංවිධානය කී බවද දොළවත්ත මහතා කීය.

මෙරට අපරාධ රැල්ලක් නිර්මාණය කිරීමේ පුරෝගාමියා වත්මන් පොලිස්පතිවරයා බවද පොලිස්පතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කර ඇති බවද නීතිඥවරයා කීය.

2017 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මිනීමැරුම් 297 ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 දක්වා වූ කාලය තුළ මිනීමැරුම් 327 ක් වාර්තා වන බවද දොළවත්ත මහතා කීය.

කොළඹ මහජන පුස්තකාලයේ අද (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රේම්නාත් දොළවත්ත මහතා මේ බව පැවැසීය.