පොලිස්පති නීතිපති උපදෙස් පතයි


හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ ප්‍රගතිය සොයා බැලීම සඳහා එම මන්ත්‍රීවරු අද කොළඹ පොලිස් මූලස්ථානයට ගියහ.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් පැවසුයේ මේ ගැන පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා හමුවී විමසූ බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් පතන බව පොලිස්පති පැවසීයැයි මහලේකම් මාධ්‍ය හමුවේ පැවැසීය.

හම්බන්තොට නගරාධිපති පිස්තෝලයක් අමෝරාගෙන මේ මන්ත්‍රීන් පිටුපස ලුහු බැඳ ගිය නමුත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.