පොලිස්පති ගැන විමර්ශනයට මණ්ඩලයක්


තරිඳු ජයවර්ධන
 
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා  මණ්ඩලයක් පත් කළ බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
 
ලේකම්වරයා එලෙස පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත්තේ පොලිස්පතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විෂය භාර ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලබා දුන් උපදෙස් අනුවය.
 
පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව දැනගන්නට තිබේ. විෂය භාර ඇමැතිවරයා සහ නියොජ්‍ය ඇමැතිවරයා හෙට මාධ්‍ය සාකච්ඡාවක් කැඳැවීමට නියමිත බව ද ආරංචි මාර්ග කියයි.