ත්‍රස්ත ප්‍රහාරවලින් සහ මහජන ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිවලදී අනතුරුවලට ගොදුරු වී පූර්ණ ආබාධිත වූ පොලිස් සාමාජිකයන්ගේ ගැටළු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ දී පැවැත්විණි.
ඇවිදීමට නොහැකිව රෝද පුටු භාවිත කරන පොලිස් සාමාජිකයෝ නව දෙනෙක් ද, දෑස් අහිමිවූ සාමාජිකයෝ තිදෙනෙක් ද, දෙඅත් සහ ඇසක් අහිමිවූ නිලධාරියෙක් ද එම සාකච්ඡාවට සහභාගී වූහ. වසර ගණනාවක් තිස්සේ පොලිසිය තමන් ගැන සොයා නොලැබූ බවත්, තමන්ට සහන නොලැබුණු බවක් කියමින් එම පිරිස තම ගැටළු පොලිස්පතිට ඉදිරිපත් කළහ.
ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිවරයා පොරොන්දු විය. එම සෑම පොලිස් නිලධාරියෙකු සමගම සුහදව කතා බහ කළ පොලිස්පතිවරයා ඔවුන් සමග ඡායාරූපවලට ද පෙනී සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා පොලිස් සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, පොලිස් සුබසාධක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසූරිය, පිරිස් හා මානව සම්පත් අංශයේ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ හා පොලිස්පති කාර්යාලයයේ සහකාර පොලිස් අධිකාරී ජයරත්න මහත්වරු ද සහභාගී වූහ.