පොලිස්ථානාධිපති පහරදී සැරයන් රෝහලේ


යටියන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා පහර දුන්නැයි පොලිස් සැරයන්වරයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් වී ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බවත් ඒ ගැන පරීක්ෂණ කිරීමට සහකාර පොලිස් අධිකාරිවරයකු පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.