කළුතර කටුකුරුන්ද පොලිස් සුභසාදක සංගමයේ රුපියල් 13 ලක්ෂයක් සොරා ගත් හොරුන් ඇල්ලීම සඳහා පොලීසිය කනප්පුවක් කරකැවූ බව පොලිස් ආරංචි කියයි.
කුරුණෑගල පැත්තෙන් ගෙන ආ බව කියන කට්ටඩියකු කනප්පුවට මතුරා දේව ගණයේ දෙදෙනකු ලවා කනප්පුව කරකැවූ බවත් එම ආරංචි පවසයි.
ඉරිදා මෙම ගුරුකම කර ඇත.
දේව ගණයේ දෙදෙනා පොලිස් සාමාජිකයන්ගේ පවුල්වලින්ම තෝරා ගෙන ඇත.
කනප්පුව පුස්තකාලයටත් සමූපකාරයටත් ‘ගමන්‘කළ බවත් ඉන් පසු සල්ලි තැන්පත් කර තිබූ ලොකරය ළඟ නැවතුණු බවත් කියති.
පසුගිය 24 වැනිදා මෙම සොරකම වාර්තා විය.
පොලිස් සමූපාකාර සමිතියේ එකතුවූ මුදල් ද, පසු දින බඩු ගැනීමට තිබුණු මුදල් ද සොරා ගෙන ඇත.
සමූපකරයේ දොර කඩා නැති බව ද වාර්තා විය.
සොරුන් ඇල්ලීම සඳහා දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වද්දී කනප්පු කර කැවීම කර ඇත්තේ පරීක්ෂකයන්ගේ අනුදැනුමකින් තොවය යැයි ද කියති.
මේ ගැන විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ එවැනි සිද්ධියක් නොවූ බව කළුතර පොලිස් නිලධරයන් පවසන බවයි.