පොලිස් සූතරේට මුදලාලිගෙ සූත්තරේ යටවේ


‘ස්ටාෆ් ස්ර්විස්‘ යනුවෙන් පුවරුවක් සවිකරගෙන පානදුරේ සිට රත්නපුරය දක්වා ධාවනය වූ බසයකට  අතරමගදී බස් මගීන් සේ ගොඩ නැගුණු පොලිස් උපාය දූතයන් ඇතුළු පිරිසකට ටිකට් නිකුත් කර මුදල් අය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බසයේ හිමිකරු වන බස් රියදුරා හොරණ පොලීසියේ ද සහායෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව ජාතික ගමනාගමන කොමිසම කියයි.

‘ස්ටාෆ් ස්ර්විස්‘ යන පුවරුව ප්‍රදර්ශනය කරමින් ආයතනයක සේවකයන් ප්‍රවාහනය කිරීම සදහා මාර්ග බලපත්‍රයක් ගැනීම අවශ්‍ය නොවන බවත්, එවැනි බලපත්‍රයක් සදහා වසරකට රුපියල් ලක්ෂ 15ක් පමණ කොමිසමට ගෙවිය යුතු බවත් කියති.

මාර්ග බලපත්‍රය නොගෙන සිටීමේ උපක්‍රමයක් වශයෙන් ‘ස්ටාෆ් සර්විස්‘ පුවරු ගසාගෙන මිනිසුන් ගෙනයන බස් වටලන බව ද කොමිසම කියයි.