ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයකු මිනී මැරුමක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටියදී තවත් මනුෂ්‍ය ඝාතනයක් කළැයි රිමාන්ඩ් ගත කැර ඇතැයි ගල්කිරියාගම පොලීසිය කියයි.
නාරම්මල හොරොන්බාවේ ඩී එම් පී වික්‍රමරත්න එම සැරයන් බවත් පලාගල පහලගම කේ ඩී එන් ධර්මසිරි රණතුංග නම් යතුරුපැදිකරු 2011 -6 -20 වැනිදා වෙඩි තබා මරා යතුරුපැදිය ද පැහැරගෙන ගොස් ඇති බවත් පොලීසියට පැමිණිලි කැර තිබේ.ඒ අනුව මෙම සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.