(සිසිර නන්දන කැලේගම)
කුලී පදනමට ගත් ගොඩනැගිලිවල පොලිස් ස්ථාන 121 ක් පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි 11ක මුදලක් වැය කරන බව පොලිස් කළමනාකරණ කොට්ඨාසයේ දත්ත අනාවරණය කරයි.
දිවයින පුරා පොලිස් ස්ථාන 607ක් ඇති අතර ඉන් 121ක්ම පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ගත් පෞද්ගලික ගොඩනැගිලිවල බව ද එම දත්ත අනාවරණය කරයි.
බස්නාහිර පළාතේ පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන පොලිස් ස්ථාන වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 50ක් ද උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් 2,94,000 ද නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් 2,33,000ක් ද වයඹ පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ හතක් ද සබරගමුව පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ අටක් ද මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක් ද ඌව පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ද සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ද වශයෙන් මාසිකව කුලී මුදල් ගෙවන බව එහි සඳහන් වේ.

