පොලිස් සමූපෙත් කඩයි


කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ සමූපාකාර අළෙවිහළේ ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 13ක් සොරා ගෙන ඇතැයි පොලීසිය කියයි.

පොලිස් සාමාජිකයන්   මේ අළෙවි සැලෙන් ණයට බඩු ගන්නා බව ද, ඉරිදා බොහෝ දෙනෙක් එම ණය පියවා ඇති බව ද, එම මුදල් සහ පසුදින බඩු මිලදී ගැනීමට තුබූ මුදල් මෙලෙස සොරා ගෙන ඇති බව ද පොලිස් ආරංචි කියයි.

සිද්ධිය වන අවස්ථාව වන විට එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවා සිට ඇත.

මුදල් සොරාගත් අය කිසිදු දොරක් හෝ ජනේලයක් කඩා නැති බව ද, යතුරකින් දොර විවර කර ඇතුළට ගොස් ඇති බවට සැක කරන බව ද, මෙතරම් මුදලක් සේප්පුවේ නොදමා ලාච්චුවේ දැමුවේ ඇයිදැයි විමර්ශනය කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් ‘එසැණට‘ කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් 13 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කරති.