(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු සේවය අතහැර ගියා සේ සැලකීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසීය.
පසුගිය මාසයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 පස් වන සමුළුව සඳහා සහභාගී වීමට එංගලන්තය බලා ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මෙම මස 4 වැනි දින නැවත සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණද එදින සේවයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහුන් සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඉකුත් මැයි මස විසි 25 වැනි දින විදේශ ගතවීමෙන් පසු නැවත දිවයිනට පැමිණ නොමැති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු මගින් තහවුරු කරගෙන තිබිණි.
ඒ අනුව පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා වරයා විසින් එම පොලිස් නිලධාරීන් සිව් දෙනාට මෙම මස 4 වැනි දින සිට සේවය හැර යාමේ නියෝග නිකුත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

