හබරාදුව
හබරාදුව හැඩිවෙත්තේ දී බස් රථ තුනක් ගැටී හත්දෙනෙක් රෝහල් ගතකරනු ලැබූහ
කරුවලගස්වැව
කරුවලගස්වැව සාලියපුරයේදී අත් ට්‍රැක්ටරයක් ලොරියක ගැටීමෙන් අත් ට්‍රැක්ටරයේ සිටි හත්දෙනෙක් තුවාල ලදහ. ඔවුහු අනුරාධපුරයේ සිට එමින් සිටියදී මේ අනතුර සිදුවිය.
වෙන්නප්පුව
ගින්ඔය අසළ කසිප්පු පෙරූ පුද්ගලයෙක් ගෝඩා ග්‍රෑම් 25000 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මීටියාගොඩ
ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදි රුහුණු කුමාරී දුම්රියේ හැපුණු 76 හැවිරිදි ගැමියෙක් මියගියේය.
තණමල්විල
ඌරුහොර දී බැකෝ යන්ත්‍රයකින් හාරා තිබූ විශාල වලක දිය නෑමට ගිය 11 හැවිරිදි දරුවෙක් මරුමුවට පත්විය.
අලුත්ගම
බලපත්‍ර ඇතිව රා මදින ස්ථානයකින් රා පානය කළ අට දෙනකු වමනය හා පාචනය හැදී රෝහල් ගතකරනු ලැබූහ. රා මදින්නා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
තෙල්දෙණිය.
අඹකොටේ සිට දිගන දෙසට යමින් තිබූ ත්‍රී රෝද රථයක් නවතා තිබූ තවත් ත්‍රී රෝද රියක ගැටී රිය පැදවූ රියදුරා මියගියේය.