පොලිස් සංදේශය


දැදිගම

දැදිගම කණදෙනියේදී කොළඹ සිට මාතලේ බලා යමින් සිටි බසයක ටයරයක් පුපුරා අනතුරට ලක්විමෙන් මගීහු 28 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.

කොටහේන

කැලණි පාලම යටදී හෙරොයින් කුඩු ග්‍රෑම් 50 ක් සහ මිලි ග්‍රෑම් 100 ක් ලග තබාගත් සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබීය.

සිලාවතුර හා කොලොන්න

කන්තේගමින් මාදුරුඔය රක්ෂිතයට ඇතුලු වී නිදන් හාරමින් සිටි සැකකරුවන් හය දෙනෙක් ද කොලොන්න එගොඩකන්ද දොළ අසළ දි නිදන් හාරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙක් ද උපකරණ ද සහිතව අත්අඩංගුවට ගනු ලැබූහ.