ගිනිගත්හේන
වේවැල්තලාවේදී ඉඩමක නිදන් හාරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් උපකරණ හා පූජා භාණ්ඩ සහිතව අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතලේ
හේනෙගම දී මිනිස් ඝාතනයක සැකකරුවෙක් පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.
වෙන්නප්පුව
ලුණුවිල නිවසක කසිප්පු පෙරූ 34 හැවිරිදි පුද්ගලයෙක් සමග උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කුච්චවේලි
ඩයිනමයිට් යොදා අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොස්ගොඩ
මහ ඉදුරුවේ තිබී පිලිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත