පොලිස් සංදේශය


වැල්ලම්පිටිය හා මිරිහාන

වැල්ලම්පිටිය මීතොටමුල්ලේදි හෙරොයින් කුඩු ග්‍රෑම් දෙකක් හා මිලි ග්‍රෑම් 560 ක් සමග පුද්ගලයකු ද මිරිහානේ උඩුමුල්ලේදී හෙරොයින් ග්‍රෑම් දෙකක් හා මිලිග්‍රෑම් 780 ක් සමග පුද්ගලයකු ද අත් අඩංගුවට ගනු ලැබූහ.

ගලේවෙල

ත්‍රිකුණාමලය අබේපුස්ස මාර්ගයේ යටිගල්පොත්ත හන්දියේදී පුද්ගලික බස් රථයක පාපුවරුවේ ගමන්ගත් තරුණයෙක් වැටී රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය.