පොලිස් සංදේශය


මෝදර

  • ශ්‍රී වික්‍රමසිංහපුරයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකක් හා මිලි ග්‍රෑම් 400 ක් සමග මෝදර වික්‍රමසිංහපුරයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රාගම හා දෙමටගොඩ

  • පොල්ගහවෙල කොටුව දුම්රියේ හැපී රාගමදීත් දෙමටගොඩදීත් දෙදෙනකු මියගිය බව පොලීසිය කියයි.

වත්තල

  • වත්තල ප්‍රීතිපුර මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ දෙදෙනකුගෙන් 13 හැවිරිදි දැරියගේ සිරුර සොයාගත් නමුත් 11 හැවිරිදි දරුවා මෙතෙක් සොයාගෙන නැත.

දංකොටුව

  • උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයකු විසින් පදවන ලදැයි කියන කැබ් රථයට යටවූ මවක හා දියණියක දංකොටුව දිසා රෝහලට ඇතුලත් කැර මීගමුව මහා රෝහලට මාරුකර යවනු ලැබූහ.