පොලිස් සංදේශය
වෙන්නප්පුව
• බෝලවත්ත බොරලැස්ස දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටිමෙන් කාන්තාවක මියගියාය.
සියඹලාණ්ඩුව
• මහකළුගොල්ල, හුලන්නුගේ පුරාණ රජමහා විහාරයේ නටඹුන්ව පැවැති දාගැබක් හාරමින් සිටි සැකකරුවෝ දෙදෙනෙක් ද හා ඒ සඳහා ගෙන ආ බැකෝ යන්ත්‍රයක් ද ලොරියක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
හංවැල්ල
• ඉලුක්ඕවිට ප්‍රදේශයේදී කසිප්පු ලීටර 33 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මිරිහාන හා අකුරැස්ස
• අනවසර තුවක්කු දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අකුරැස්ස කියාඩුවේදීත් තුවක්කුවක් ලඟ තබාගෙන සිටි සැකකරුවකු මිරිහානේදීත් අත්අඩංගුවට ගනු ලැබූහ
වැලිගම
• වැලිගම කොහොනුගමුව පිහිටි නිවසක් ගිනිගෙන විනාශ වී ඇත. ජීවිත හානි කිසිවක් නැත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.