පොලිස් සංදේශය
කතරගම
• එරාවුර් සිට පැමිණ මැණක් ගඟේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මරුමුවට පත්විය.
වෙන්නප්පුව
• සංදාත්‍රිය ප්‍රදේශයේදි කසිප්පු බෝතල් 250 ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ රැසක් සමග සිව්දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ.
කරන්දෙණිය
• නාරාවෙල ප්‍රදේශයේදී සතුන් මැරීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් 45 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.
කිරුළපන
• කාලිංග මාවතේදී හෙරොයින් කුඩු ග්‍රෑම් එකක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.