
(කේ. බුද්ධික කුමාරසිරි)
පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් බිත්තර තොග වෙළදාමේ නිතර ව්‍යාපාරිකුගෙන් රුපියල් හතලිස් පන්දහසක මුදලක් කොල්ල කෑ පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය පවසයි.
අදාල ව්‍යාපාරිකයා මාලබේ අරංගල - කොට්ටාව මාර්ගයේ බිත්තර ත්‍රී රෝද රථයකින් බිත්තර රැගෙන යන අතරතුර දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රී රෝද රථය හරස් වන සේ යතුරු පැදිය නවත්වා ඇත.
පසුව යතුරුපැදියෙන් බැස ත්‍රිරෝද රථය වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා තමන් පොලිසියේ බවට පවසා පොලිස් හැදුනුම්පතක් පෙන්වා තමන්ව පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට පැවසූ බවත් එලෙස පරීක්ෂා කිරීමේදී තමන් හැද සිටි කලසමේ පිටුපස සාක්කුවේ තිබූ මුදල් පසුම්බියද ගෙන පරීක්ෂා කර බලා යලි සාක්කුවට දමා තමන්ට යන ලෙස පැවසූ බවද අදාල පැමිණිල්ලෙහි සදහන් වන බව පොලිසිය පවසයි.
පසුව මද දුරක් ගොස් මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ගල් හතළිස් පන්දහසක මුදලක් නොමැති බව දැක ගැනීමට හැකි වූයෙන් තීරෝද රථය හරවාගෙන යතුරු පැදිය පිටුපස හඹා ගොස් තම පසුම්බියේ තිබූ මුදල් ගැන විමසීමේදී එම මුදල් තීරෝද රථයේ පිටුපස ඇති බවට පවසා පලා ගිය බවද බිත්තර ව්‍යාපාරිකයා පොලිසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන් වන බවද පොලිසිය පවසයි.
ලද පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන ඒකෙ කී ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංග ඇතුළු නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ආරක්ෂක කැමරා නිරීක්ෂණයෙන් පසු සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
.

