(සෙනරත් බණ්ඩාර )
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නරඹමින් සිටි පෙම්වතුන් යුවළකගෙන් පොලිස් වෙස්ගෙන කප්පම් ගත් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.
උද්‍යානයේ සිටි පෙම්වතුන් අසලට පැමිණ පොලිසියේ සෝදිසි කිරීම්ක් බව කියමින් ඔවුන්ට තර්ජනය කර රුපියල් 5000 ක මුදලක් ඉල්ලා ඇති අතර බවත් ඔවුන් සතුව තිබු රුපියල් 1500 ක මුදල ගෙන ඇති බවත් කියති. උද්‍යානයේ ආරක්ෂක අංශය විසින් එහි රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. -

