වැඩ තහනමකට ලක්වූ හිටපු කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු මෙහෙයවූ බව කියන කොල්ල කල්ලියක සාමාජිකයන් නාරාහේන්පිට, මරදාන හා ජාඇලින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලැගුම්හල් වලට එන බාලවයස්කාර පෙම්වතුන් හා ඔවුන් පැමිණෙන ත්‍රී රෝද රථවල රියදුරන්ද බියකර කප්පම් ගෙන ඇති බවත් වතු අධිකාරීවරයකුද ඔවුනට බිලිවී ඇති බවත් පොලිසිය පවසයි.

