
(ගයාන් සූරියආරච්චි)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට සහ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් වියළි සලාක සහ චෙක්පතක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත චීන වෙළෙද එකමුතුව අද (3) පරිත්‍යාග කළේය.
එම පරිත්‍යාග නිල වශයෙන් භාරදීම ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකාය මූලස්ථානයේදී පැවැත්විණි.
පරිත්‍යාග අතර රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා වියළි සලාක සහ රුපියල් ලක්ෂ 20 ක චෙක්පතක් අන්තර්ගත විය.
එහිදී චීන වෙළෙද එකමුතුවේ සභාපති ෂැන්ග් ෂූ ඩොන්ග් මහතා විසින් එම චෙක්පත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පිරිනැමූ අවස්ථාව. පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාද මෙහි වෙයි.

