රුපියල් පන්ලක්ෂයක් වංචා කළැයි රක්ෂණ නියෝජිතයකු විසින් කළ පැමිණිල්ලක් අනුව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක සහ සැකකරුවකු පොලිසියට පැමිණ බේරා ගත් බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි එම රක්ෂණ නියෝජිත දුෂාන් රංග විජේසේකර අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස්පතිගේ විශේෂ විමර්ශන ඒකකය මේ වන විට ප්‍රකාශ 16ක් පමණ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.