පොලිස් ලොක්කෙක් තනතුරු ලේඛනයක් සකස් කරලා


(යොහාන් භාසුර)

බස්නාහිර පළාතේ උසස්ම පොලිස් නිලධාරියෙකු තමා හිතවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 30 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් සකස් කර එම පළාතේ පොලිස් ස්ථානවල නව ස්ථානාධීපතිවරු ලෙස පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

අදාල උසස් පොලිස් නිලධාරියාගේ නීති විරෝධී යයි කියන නියෝග ක්‍රියාත්මක නොකරන ස්ථානාධිපතිවරු ඉවත්කර ඔහුට හිතවත් දූෂණ චෝදනා ඇතැයි කියන නිලධාරීන් පත් කිරීමට සූදානම් වන බවත්  මෙම වසරේ මැයි 9 වෙනිදා අරගල සම්බන්ධයෙන් රට පුරා ඇති වූ සිදුවීම් මූලික කරගෙන අදාළ උසස් පොලිස් නිලධාරියා ඇතැම් ස්ථානාධිපතිවරුන්ගෙන් පලිගැනීමේ ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවද පොලිස් නිලධාරීහු පවසති.