තරිඳු ජයවර්ධන
නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමේදී දේශපාලන කාරණා කිසිවක් සාකච්ඡා නොවූ බවත් පොලිසියේ ගැටලු සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම, බහුලව සිදුවන රථවාහන අනතුරු සහ පාතාලය හිස එසවීම යන කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කළ බව දැනගන්නට තිබේ.
කෝටි 700ක දියමන්තියක් සොරා ගත්තැයි කියන සිද්ධිය හා ව්‍යාජ බන්ධනාගාර බස් රථයකින් සැකකරුවකු පැහැර ගත්තැයි කියන සිද්ධිය ගැන ද ජනාධිපතිවරයා පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.
එහි දී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ විගස තමන්ට පැමිණිල්ලක් නොලැබුණු බවයි. එම අවස්ථාවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දුරකතනයට සම්බන්ධකරගෙන කරුණු විමසා ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට දැනුම් දුන් බවයි. රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පවසා ඇත්තේ සිද්ධියෙන් දින 08කට පමන පසු බන්ධනාගාරයෙන් ලිපියක් ලැබී තිබුණු බවයි.
එම අවස්ථාවේ එතැන සිටි මන්ත්‍රීවරයකු කියා ඇත්තේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට ප්‍රමාධ වීම ගැන බන්ධනාගාර ප්‍රධානියාට එරෙහිව කටයුතු කළ යුතු බවයි.
මෙම සාකච්ඡාවට ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබේ.
ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය