තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
උසස් පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයකිනි.

